SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු සංචාරක කාණ්ඩයේ වාහන සඳහා

ටොයොටා ලංකා වාහන පළමු තොගය මෙරටට ආනයනය කර ඇතැයි වාර්තා වේ.

 

 

ඒ අනුව බස් සහ වෑන් රථ මෙරටට මාස හතරක කාලයක් ඇතුළත සාර්ථකව ආනයනය කරන ලද බව එම සමාගම නිවේදනය කර තිබේ.

 

 

ඉදිරියේදී තවත් බොහෝ වාහන ආනයනය  කිරීමට බලාපොරොත්තු වන බවද ඔව්හු  කියති.

 

 

මේ  අතර වාහන ආනයනට පෙර ටොයොටා ලංකා සමාගම විසින් පූර්ව ප‍්‍රචාරක දැන්වීම්වල සඳහන් කර තිබුනේ ලක්‍ෂ 150ක මුදලකට අලුත්ම ටොයොටා වෑන් රථයක් හා ලක්‍ෂ 170කට අලුත්ම ටොයොටා බස් රථයක් අලෙවි කරන බවය.

 

එහෙත් මෙම මිල නියම කර ඇත්තේ වසර දහයක් පමණ පැරැණි මෙම කාණ්ඩයේ වෑන් රථ රුපියල් කෝටි දෙකකට ආසන්න මිලකට අලෙවි කරමින් ඇති පසුබිමකදීය.

 

ශ්‍රී ලංකාවට වසර හතරක පමණ කාලයක් තිස්සේ වාහන ආනයනය අත්හිටුවා තිබුණේ විදේශ විනිමය අර්බුදය හේතුවෙනි.

 

ඒ හේතුවෙන් මෙරට භාවිතා කරන වාහන වල මිල අසාමාන්‍ය ලෙස ඉහල නංවා ඇත.

 

 

නවතම ලිපි