උපයන විට බද්ධ සංශෝධනය කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡාවලදී
එකඟතාවකට පැමිණි බව අනුන් ජනාධිපති අනුර දිසානායක පවසයි.
අද(18) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
‘අපි බද්ධ පනවන සීමාව ලක්ෂෙකට උඩ දක්වා පැවති සීමාව ලක්ෂ එකහමාර දක්වා වැඩිකර ගැනීමට සමත් වුණා.
සියයට හයක ආදායම් බද්දකට යටත් වන පරිදි පැවති ආදායම් බද්දේ පළමු කාණ්ඩය රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ දහය දක්වා ඉහල දැමීමට කටයුතු කළා.
ඒ අනුව ලක්ෂ එකහමාරක වැටුපක් ගන්න කෙනෙක්ගේ බදු සියයට සීයක් නිදහස්.
ලක්ෂ දෙකක් වැටුපක් ගන්න කෙනෙකු වැටුම සියයට 72 කින් නිදහස්.
ලක්ෂ දෙක හමාරක් වැටුප ගන්න කෙනෙක්ගේ බද්ධ සියයට හැට දෙකකින් නිදහස්.
ලක්ෂ තුනක් වැටුපක් ගන්න කෙනෙක්ගේ බද්ද සියයට 47කින් නිදහස්.
ලක්ෂ තුනහමාරක් වැටුපක් ගන්න කෙනෙක්ගේ බද්ධ සියයට 25.5 කින් නිදහස්’
එමෙන්ම 2022-23 ආකාරයේ තත්ත්වයක් මෙරට තුළ යළි ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ජනාධිපති අනුර දිසානායක සපථ කරයි.
ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තුව විවාදය ඇමතූ ජනාධිපතිවරයා 2027 වසරේදී ණය ගෙවීම ආරම්භ වූ පසු රට බංකොලොත් වන බවට ඇතැමුන් ප්‍රකාශ කල ද 2028 වසරේදී ද මෙරට පවතින්නේ තම ආණ්ඩුව බව සඳහන් කළේය.
2028 වසර වෙද්දී මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15 ඉක්මවන සැලසුමක් තම රජයට ඇති බව පැවසූ ඔහු එම ඉලක්කය අත්පත් කරගත හැකියි දැඩි විශ්වාසයක් ඇති බවද කියා සිටියේය.