පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වුනු නාලිකාවක් තමයි රාජපක්ෂ පවුලට
අයත්ව තිබූණේ යැයි පවසන CSN නාලිකාව.
අද ආරංචිය තමයි ඔන්න මේ නාලිකාව අලුත් ආණ්ඩුවක් බලයට පත්වෙලා තියෙන වෙලාවෙ අලුත් මුහුණුවරකින් නව නායකත්වයකින් කරලියට එන්න යනවාය කියන එක.
ගොසිප් තීරයට වාර්තා වුනු විදිහට මේ නාලිකාව බද්දට අරගෙන තියෙන්නෙ ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්. ඔහු මීට පෙර ජනතා විමුක්ති පෙරමුණට අයත්ව තිබූ වී එෆ් නාලිකාවද මිලට ගත් බව පැවසෙන අතර ඔහුගෙන් පසු එම නාලිකාව ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයාට විකුණා දැමුවාලු.
ලංකාවේ ප්රමුඛ පෙළේ මත්පැන් සමාගමක් හිමි මෙම ව්‍යාපාරිකයා වාර්තා වන ආකාරයට තවත් බොහෝ ව්‍යාපාරික ගනුදෙනු රාශියක කොටස් කරුවෙක්ලු.
ඒ විතරක් නව මුහුණුවරකින් කරලියට ඒමට සූදානම් මෙම නාලිකාවේ නාලිකා ප්‍රධානී ලෙස හිටපු ජනාධිපතිවරයෙකුගේ මාධ්‍ය අධ්යක්ෂවරයෙක් පිළිබඳව ද ගොසිප් තීරයට තොරතුරු ලැබී තිබෙනවා.
ඒ කෙසේ වෙතත් මෙම නාලිකාව මගින් හිටපු ජනාධිපතිවරයා ඔසවා තැබීමේ ව්‍යාපෘතියක් සිදුවන බවක් වාර්තා නොවන අතර වත්මන් ආණ්ඩුව සමගද මෙම ව්‍යාපාරිකයාට මනා සම්බන්ධතාවන් පවතිනවා යැයි සමීපතම ආරංචිමාර්ග වලින් වාර්තා වෙනවා.
මේ කොහොම උනත් ඉතිං අලුත් නාලිකාව එළියට එද්දි මේ කව්ද මොනවද කරන්නේ කියල දැනගන්න පුළුවන් වේවිනේ.
බලං ඉමු නේ?
#gossip