SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) පස්වරු 5.30 ට පමණ නවදිල්ලි නුවර

ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා ඉන්දියාවට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

 

ඉන්දියාවේ තොරතුරු හා විකාශන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය එස්. මුරුගන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාපයේ අතිරේක ලේකම් පුනීත් අග්‍රවාල්, ප්‍රොටෝකෝල් ප්‍රධානී අන්ෂුමන් ගෞර් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් විසින් ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

 

අනු 3

 

 

ජනාධිපතිවරයාගේ පැමිණීම ගැන ඉන්දීය මාධ්‍ය විශාල ආවරණයක් ලබා දී තිබීම විශේෂත්වයක්. නවදිල්ලියේ ප්‍රධාන වටරවුම වටා ජනාධිපති දිසානායකගේ සහ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඡායාරූප ඇතුළත් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර තිබුණි.

 

අද රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

 

 

අනූ 2

 

 

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු  ද එක්ව සිටිති.

 

 

නවතම ලිපි

2

Grand welcome...