විදුලිබල මණ්ඩලය මේ වන විට රුපියල් බිලියන 109 ක ලාබයක් උපයා ඇති නමුදු පසුගිය කාලයේ
රුපියල් බිලියන 500 ක් පමණ ණය වී ඇති හෙයින් මේ අවස්ථාවේ විදුලි ගාස්තු සංශෝධනයකට යෑම අසීරු යැයි ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති නීතිඥ මාලක වික්‍රමසිංහ පවසා ඇත.
බිලියන 500 ක ණය ප්‍රමාණයෙන් බිලියන 120 ක් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය වන අතර එය ජනතාවට පීඩාවක් නොවන පරිදි ගෙවා දැමීමට මහා භාණ්ඩාගාරය බාරගෙන තිබේ.
දැනට ලබා ඇති ලාබයෙන් බිලියන 106 ක් පමණ සුනීත්ය බලයෙන් ලබාගත් විදුලිය, තාප බලය හා ගල් අඟුරු සඳහා ගෙවීමට විදුලිබල මණ්ඩලයට සිදුව ඇති බවත් එවිට විදුලිබල මණ්ඩලයේ ගිණුම්වල ඉතිරි වන්නේ බිලියන 2.7 ක් වැනි ප්‍රමාණයක් බවත් ඔහු පවසයි.
ඒ අනුව තවත් බිලියන 350 ක් පමණ ණය ඉතිරිව ඇති බැවින් විදුලි බිල අඩු කිරීමට නම් බිලියන 400 ක පමණ ණය ප්‍රමාණය මහා භාණ්ඩාගාරයෙන් ලබා දිය යුතු වන බව ඔහු සඳහන් කරයි.
විදුලිය සඳහා වැඩිම ගාස්තුවක් ගෙවන රටවලින් එකක් වන්නේ ශ්‍රී ලංකාවයි. විදුලි ඒකකයක් නිපදවීම සඳහා සාමාන්‍යයෙන් ඩොලර් සත 13 ක් හෙවත් රුපියල් 39 ක් පමණ වැය වේ. 2014 සිට 2022 දක්වා වසර 8 ක පමණ කාලයක් විදුලි බිල වැඩි නොකිරීම හේතුවෙන් විදුලිබල මණ්ඩලය විශාල අලාබයක් ලබා ඇත. පසුගිය සමයේ ලබාගත් ණය බිලියන 332 කි. මෙම අලාබය ගෙවන්නට සිදුව ඇත්තේ විදුලිය පාරිභෝගිකයන්ටය. ඉදිරි වසර 5 සඳහා ඇති ඉලක්කවලට අනුව විදුලි ඒකකයක් නිපදවීම සඳහා ඩොලර් සත 8 ක් හෙවත් රුපියල් 24 ක් වැනි අගයකට අවම කර ගැනීම ආණ්ඩුවේ අරමුණ වී ඇත.
එවිට 30% ක පමණ ගාස්තු සංශෝධනයක් කළ හැකි බවට විදුලිබල අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.