පසුගිය රජය සමයේ මත්පැන් බලපත් ලබා දීමේ චෝදනාව සම්බන්ධයෙන්
සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් එළැඹෙන සති අන්තයේ රටට ඉදිරිපත් කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පවසයි.
පසුගිය ඡන්ද සමයේදී විවිධ මත්පැන් බලපත්‍ර 361ක් නිකුත් කිරීම පිළිබඳව සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් සිදුකළ පාර්ලිමේන්තු ප්‍රකාශයට පිළිතුරු වශයෙන් මෙම කරුණු දැක්වීම සිදුවන බවද එකී ආරංචිමාර්ග පවසයි.
මත්පැන් බලපත් ලබා දුන් ක්‍රමවේදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විස්තර කිරීමට නියමිත බවද නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පවසයි.
පසුගිය රජය නිකුත් කෙරුණු මත්පැන් බලපත්‍ර ලැයිස්තුව සභානායක බිමල් රත්නායක විසින් පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය.