SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයට ලබා දීමට තීරණය කර ඇති බව

ප්‍රවාහන, මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

 

 

ඔහු මේ බව සඳහන් කළේ, අද (දෙසැ. 6) පාර්ලිමේන්තුවේදී ය.

 

රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව ද වැඩි කර තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

“රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයට ලබා දීමට අපි තීන්දු කරලා තියෙනවා. ඒක ඔබතුමාලා ඉල්ලපු දෙයක් නෙමෙයි. ඒ වගේ ම අපි රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා.”

 

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධූරය ආණ්ඩු පක්ෂයට අවශ්‍ය බවයි  අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

 

“කෝප් කමිටුවේ (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) සභාපතිකම අපි කිව්වා ඒක ආණ්ඩු පක්ෂයට අවශ්‍යයි කියලා. පළමු කාලයේදී පරීක්ෂා කරන්න වෙන්නෙ පසුගිය ආණ්ඩුවේ දේවල්. අපි කැමති නැහැ ඒ ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ඇවිල්ලා කෝප් එකේ සභාපති වෙනවට. ඒක සදාචාර සම්පන්න නෑ.”

 

 

නවතම ලිපි