මේ රටේ ජාතිවාදයට, ආගම්වාදයට විරුද්ධ අයෙක් වශයෙන් වර්තමාන රජය
ජාතිවාදයට එරෙහිව ගෙනියන වැඩපිළිවෙලට තමා ගරුකරන බව පවසන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා ඒ බව කියමින් කාලය නොගෙන ආණුඩුවේ බලය තියෙන්නෙත්, පොලසිය තියෙන්නෙත් තමන් සතුව නිසා ඊට අදාළව කටයුතු කරන ලෙස පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද(05) පාර්ලිමේන්තුවේ පැවති නව රජයේ අතුරු සම්මත ගිණුමට අදාළ විවාදයට සහභාගී වෙමිනි.
“ඉදිරිපත් කර ඇති වියදම් වාර්තාවේ බිලියන 1402ක් වියදම් හැටියට දක්වලා තියෙනවා. ඒක රනිල් වික්‍රමසිංහ ගෙ ආණ්ඩුව ජනවාරි මාසයේ ඉඳල අප්‍රේල් දක්වා වියදම් කළ ගානට සමානයි. අපි දැක්ක පහුගිය කාලෙ මේ අය කියනවා මේ රටේ හොරකම, දූෂණය, නාස්තිය, වංචාව නතරකලාම මේ රටේ වියදම අඩුවෙනව කියල.නමුත් ඇස්තමේන්තුගත මුදල අනුව වියදමේ ප්‍රමාණය අනුව හොරාකාපු, නාස්තිකරපු, වංචාකරපු, මුදල් කෝ? ඒවා කෝකටද එකතු වෙන්නෙ කියල දක්වලා නැහැ.
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා 2022 කිව්ව දැන් ණය ගන්න නායකයෙක් ඔින කියල. ණය ගන්න නායකයෙක් නෙවෙයි ඔින, ණය අරගෙන මේ පාර හරිපාරට ගෙනියන්න බැහැ කියපු එතුමගෙ ආණ්ඩුව මේ පළවෙනි මාස 4ට රුපියල් බිලියන 4000ක් ණය ගන්න වෝජනා කරල තියෙනවා”.
සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන්...