දකුණු කොරියාව ජනාධිපති Yoon Suk Yeol එරට තුළ යුද නීතිය පැනවීමට ගත් තීරණය
ඉවත්කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සිවිල් ජනතාවගේ විරෝධය හේතුවෙනි.
ඊයේ (03) දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවසුවේ උතුරු කොරියානු කොමියුනිස්ට් ආක්‍රමණයකින් රට ආරක්ෂා කරගැනීමට රාජ්‍ය විරෝධීන් විනාශ කිරීමට එම තීරණය ගන්නා බවය.
හදිසි යුද නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා තීරණය කර පැය දෙකක් යෑමටත් මත්තෙන් ජනාධිපතිවරයාගේ තීරණ නොතැකු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට රැස්වී ජනාධිපතිවරයාගේ නියෝගයට එරෙහිව යෝජනාවක් සම්මත කළහ.
ඊට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු එක්වූහ.