SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද (03) එක්සත් ජනරජ පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වූ

ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර විදුලි බිල සහ තේ මිලට කුමක් කරමුද? යන්න ගැන අදහස් දක්වන ලදී.

 

 

bnduiya 3

 

“පහුගිය කාලේ මාධ්‍ය මගිනුත් ප්‍රචාරය වුණා, විශේෂයෙන් විදුලි බිල වැඩි කිරීම හෝ සම්බන්ධයෙන්, අඩු කිරීම සම්බන්ධයෙන්, ඒ බිල සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයත්, ඒ වගේම ඒ පිළිබඳ නියාමන කටයුතු කරන මහජන උපයෝගීතා කොමිෂන් සභාවත් අතර යම් කඹ ඇදිල්ලක් පැවතුණා. ජනතාව බලාපොරොත්තු වුණා මේ ආණ්ඩුව බලයට ආපු ගමන්, විශේෂයෙන් ඒ පිළිබඳ ආණ්ඩුවේ ප්‍රධානීන්, ඒ මැතිවරණ ව්‍යාපාරය තුළත් ජනතාවට එවැනි බලාපොරොත්තුවක් ඇති කරන ආකාරයෙන් තමයි කටයුතු කළේ. ඒ සහනය ජනතාවට හැකි ඉක්මනින් ලැබෙයි කියලා.

 

නමුත් දැන් අපිට පේනවා ඒ පිළිබඳ ඒ ආයතන අතර කඹ ඇදිල්ලක් තියෙනවා. ඒ පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය පැහැදිලි නැති බව අපිට පේන්න තියෙනවා. ඉන්ධන මිල සංශෝධනයට ලක් කළා. නමුත් ජනතාව තුළ ඒ පිළිබඳ, ඒ සංශෝධනය පිළිබඳ කුකුසක් ඇති වෙලා තියෙනවා. ඒ පිළිබඳ සෑහීමකට පත්වීමක් ඇතිවෙලා නැහැ. ඒ වගේම ඒ සංශෝධනයේ විශාල තාක්ෂණික දෝෂයක් තියෙන බව අපිට වැටහෙනවා.

 

සමස්ත ආර්ථිකයේ විවිධ කොටස්වලට, විවිධ ජන කණ්ඩායම්වලට මේ බලශක්ති මිල අනිවාර්යෙන්ම සම්බන්ධ වෙන නිසා, මේ පිළිබඳ, මේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කරගන්නත්, අපේ ආර්ථික ක්‍රියාවලිය එහෙම නැත්නම් ආර්ථිකය යම්කිසි විදිහකට ඉදිරියට ගෙනියන්නත්, මේ විදුලි බිලත්, තෙල් මිලත් සෘජුවම සම්බන්ධ වෙනවා. ඒ නිසා මං හිතන්නේ අපි මේ පිළිබඳව තිබෙන විද්‍යාත්මක කරුණු, මේ පිළිබඳව තියෙන ප්‍රතිපත්තිමය කරුණු, ඒ වගේම මේ පිළිබඳව රජයක් හැටියට ගත යුතු පියවර සම්බන්ධයෙන් අපි දිගින් දිගටම ඒ පිළිබඳ අපේ අවධානය යොමු කළා.”

 

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ උපසභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන, පළාත් පාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් තරිඳු දිලීප ගමගේ, තරුණ අංශයේ නියෝජ්‍ය ලේකම් කවීෂ රණසිංහ යන අය ද එක්ව සිටිය හ.

 

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි