SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අයහපත් කාලගුණයෙන් වූ වගා හානිය සහල් ආනයනය කිරීමට තරම් බරපතළ එකක් නොවන බව

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ඩබ්ලිව්.එච්. දුමින්ද ප්‍රියදර්ශන කියයි.

 

 

වගා හානියෙන් ශේෂ වූ නිෂ්පාදනය මාස හතකටත් එළැඹෙන යල කන්නයේ නිෂ්පාදනය තවත් මාස හයකටත් දේශීය පරිභෝජනය සඳහා ප්‍රමාණවත් වීම ඊට හේතුව බව ඔහු අවධාරණය කළේය.

 

එළැඹෙන මහ කන්නයේදී අවම වශයෙන් මාස 7කට ප්‍රමාණවත් වී නිෂ්පාදනයක් ලැබෙන බැවින් අපේක්ෂිත නිෂ්පාදනය සමග සමස්ත හානිය කලබල විය යුතු තත්ත්වයක නැති බව ඔහු කීවේය.

 

වාර්ෂික සහල් අවශ්‍යතාවයෙන් 65%ක් පමණ වී නිෂ්පාදනයක් ලැබෙන මහ කන්නයේදී කුඹුරු අක්කර ලක්ෂ 20ක් පමණ වගා කෙරෙන බව කී හෙතෙම එමගින් අපේක්ෂිත මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක වී නිෂ්පාදනය මාස 9ක දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් වන බව පැවසීය.

 

මේ මහ කන්නයේ වගා හානිය උපරිමය අක්කර ලක්ෂ 4ක් ලෙස සැලකුවහොත් එයින් පහළ වැටෙන්නේ සමස්ත නිෂ්පාදනයෙන් 20%ක් බව ත් ඉතිරි 80% මාස 7ක දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් බව ත් ඔහු සඳහන් කළේය.

 

එම නිෂ්පාදනය පෙබරවාරි මස සිට ලැබෙනු ඇති බව කී හෙතෙම මෙවර හානි වූ බිම්වලින් කොටසක හෝ නැවත වගාකිරීම් සිදුවන බව ත් මෙවැනි හානි මහ කන්නය ආරම්භ වන බොහෝ අවස්ථාවල සිදුව ඇති බවත් පැවසීය.

 

කෙසේ වෙතත්, මෙසේ ලැබුණු අධික වැසි සමග වී නිෂ්පාදනය කෙරෙන සියලු පෙදෙස්වල වැව් පිරී ගොස් ඇති බැවින් එළැඹෙන යල කන්නය සාර්ථක වනු ඇති බව ජ්‍යෙෂ්ට පර්යේෂකවරයා  පෙන්වා දුන්නේය.

 

එසේ සාර්ථක වන යල කන්නයෙන් තවත් මාස 6ක දේශීය පරිභෝජන අවශ්‍යතා සැපිරෙනු ඇති බවත් ඒ අනුව සිදුව ඇති වගා හානිය නිසා ලබන වසරේදී සහල් ආනයනය කිරීමට කිසිසේත් සිදු නොවන බව ත් ඔහු වැඩිදුරට ත් සඳහන් කළේය.

 

 

mawbima

නවතම ලිපි