භාවිතයට නොගත් සුඛෝපබෝගී වාහන විශාල ප්‍රමාණයක් ඇති බව පවසමින් කථානායක
ආචාර්ය අශෝක රන්වල පැවසුවේ ඉන්ධන කාර්යක්ෂමතාව අඩු නිසා බොහෝ මැති ඇමතිවරුන් සුඛෝපභෝගී වාහන භාවිතය ප්‍රතික්ෂේප කරන බවයි.
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පැවති උත්සවයකදී ඔහු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ අඩු ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත සුඛෝපභෝගී වාහන ශ්‍රී ලංකාවට නුසුදුසු බවයි.
පාර්ලිමේන්තුව හරහා මෙතෙක් කිසිදු මන්ත්‍රීවරයකු සුඛෝපභෝගී වාහන ඉල්ලා නොමැති බව ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා පැවසීය.
“ඉන්ධන කාර්යක්ෂමතාවයක් නැති නිසාත්, මේ රටට නොගැලපෙන නිසාත් භාවිත නොකර විශාල සුඛෝපභෝගී වාහන තොගයක් වාහන ගාල්වල තියෙනවා. බොහෝ මැති ඇමැතිවරු එම වාහන භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරනවා. කථානායකවරයාටත් වාහන ඕනෑ තරම් වෙන් කරලා තියෙනවා. ඉන්ධන පරිභෝජනය වැඩි නිසා අපි ඒ කිසිවක් තවම භාවිතා කරන්නේ නැහැ,”
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන් ජනතා අභිලාෂයන් අනුව කැපකිරීම් කළ යුතු බව කථානායකවරයා පැවසීය.
එම වාහන විකුණා අවසන් දැයි විමසූ විට ඔහු පැවසුවේ එම සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීම ජාතික මට්ටමේ තීරණයක් බවයි.
අමාත්‍යවරුන් නිල නිවාස ඉල්ලා නොමැති බව පැවසූ කථානායක රංවල රජයට අයත් නිවාස අමාත්‍යවරයාගේ පෞද්ගලික පරිහරණය සඳහා නොව පොදු කටයුතු සඳහා භාවිත කරන බවද පැවසීය.
"රජයට අයත් නිවාස නඩත්තු කිරීම රජයේ යුතුකමකි," ඔහු වැඩිදුරටත් කීවේය.