ලංකාව කාලයෙන් කාලයට දේශීයව හා ජාත්‍යන්තරව උද්දච්ච තීරණ අරගෙන
හොම්බෙන් යන්න ඇනගන්නා අවස්ථා තිබෙනවා.
පසුගිය දිනවල රටේ ඉහළින්ම කතා කළ කොරියන් වීසා අර්බුදය ඒවගේ එකක්. මේ මිනිස්සු 107 දෙනාට වීසා දීලා තියෙන්නේ කොරියානු රජය මිසක් ඇමැතිලා නොවෙයි. රටක් වීසා දෙන්නේ ඒ රටේ නීතියට ක්‍රම සම්පාදනයට ගැළපෙන නිසයි. මේ අයට රක්ෂාවක් කරන්න පුළුවන් හා නියමිත කාලයට පස්සේ ආපහු ලංකාවට යයි කියන විශ්වාසය නිසා.
මේ වීසා ක්‍රියාවලිය ලෝකයේ රටවල් ගණනාවක ක්‍රියාත්මක වැඩසටහනක්. විදේශ සේවා කාර්යාංශයේ ඉන්න නිලධාරීන් ටික නිසා අයෙත් සැරයක් අර කාබනික සයිස් එකට දේශීයවත් ජාත්‍යන්තරවත් ඇනගැනීමට නියමිත බව මෙම ඊ 8 වීසා ක්‍රියාවලිය ගැන මෙම තීරුවට තොරතුරු හෙළිදරව් කළ හිටපු ආණ්ඩුකාරවරයකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් පැවැසුවේය.
"ඔහු කීවේ ඊ 8 වීසා දීලා නෑ කියනවා නේද?
මේ තියෙන්නේ වීසා ගත්තු කට්ටිය හා එම වීසාවල පිටපත්"
යැයි කීර්ති තෙන්නකෝන් අපට එම වීසා පිටපත් කිහිපයක් පෙන්නුවේය.
මේ නාට්‍යය අවසන් වෙන්නේ ලංකා රජය කොරියානු රජයට නිල වශයෙන් සමාවෙන්න කියලා වෙන්න පුළුවන්.
රට බඩු පටවන්න බැරි කෝච්චි ව්‍යාපෘතියට ජපානයට සල්ලිත් ගෙවලා සොරි කිව්ව වගේ.
ඊට ඉස්සර ලංකාවට ඊ 8 වීසාවලින් රැකියා ලබාගැනීමට තියෙන අවස්ථාව නැත්තටම නැතිවෙන්න තියෙන ඉඩ වැඩිය.
හොරකම් කරලා තියෙනවා නම් පගා අරගෙන තියෙනවා නම් ඒවා කරපු අයට නඩු දානවා හැර වීසා ලැබුණු මිනිස්සු ප්‍රාණ ඇපයට ගන්න එක වැරැදියි.
ලංකාවේ අයට ඊ 8 වීසා ලැබිලා නෑ කියලා කියනවානේ. මේ තියෙන්නේ ඒ වීසා කොළ දෙකක් සහ වීසා අංක තියෙන ලැයිස්තුව.
උද්දච්ච නිලධාරීන් මේ හදන්නේ රටට කෙලවන්නයි මේ රටේ තමන්ගේ හැකියාවට රැකියාවක් හොයාගන්න හදන මිනිස්සුන්ටයි. එහෙම කීවේ රජිත් කීර්ති තෙන්නකෝන්ය.
@mawbima