SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට අයත් සමාගම් විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බව ජනාධිපති අනුර දිසානායක සඳහන් කළේ යැයි  ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප‍්‍රනාන්දු පවසයි.

 

 

අදාළ සමාගමට වඩා මිලට විදුලිය සැපයීමට දේශීය සමාගම් තුනක් එකඟතාවය පළකර ඇතැයි ද පැවසූ ඔහු මෙරට විදුලි උත්පාදනය විදේශීය සමාගම්වලට නතු වීම අනතුරුදායක බවත් පැවසීය.

 

විදුලිය නිපදවීම මිල අඩු කර ගැනීමට නම් ඉන්ධන භාවිතය අඩුකර වෙනත් පුනර්ජනනීය බල ශක්තිය සඳහා යොමු විය යුතු බවත් ස්වභාවික බලශක්ති උත්පාදනයට නවීන තාක්ෂණය යොදාගත යුතු බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

 

CN

නවතම ලිපි