SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එච්.අයි.වී.වෛරසය ආසාදනය වී ඇති නව යොවුන් වියේ පසුවන සංඛ්‍යාව ඉහළගොස් ඇතිබව

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා කුමාරපේලි පවසයි.

 

 

2023 වාර්තා වූ එච්.අයි.වී.ආසාදිතයින් අතරින් 15% අවුරුදු 15ත්24 අතර වයස් වල පසුවන පුද්ගලයන් බවට වාර්තා වී ඇත.

 

ඒ අනුව එම වයස් කණ්ඩයේ දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවද පසුගිය වසරේ එච්.අයි.වී. ආසාදනය වූ 694 දෙනෙකු හමු වූ බව එහිදී පැවසුවාය.

 

මෙම වෛරස මගින් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන අතර ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයෙකුට ඒඩ්ස් තත්ත්වය ඇතිවෙයි.

 

ප්‍රජා වෛද්‍ය විශේෂඥවරිය පවසන්නේ නව තාක්ෂණය ඔස්සේ සහකරුවන් සොයා ගැනීම සහ නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති කම හේතුවෙන් නව යොවුන් වියේ පසුවන පුද්ගලයන්ට ඒඩ්ස් වැලදීම ඉහළගොස් ඇතිබවය.

 

ඇය කියන්නේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතිබවය.

 

එහෙත් මේ වනවිට යොවුන් වියේ පසුවන බොහෝ පාසැල් දරුවන්ට මෙම වෛරසය ශරීරගතවීමට බලපාන්නේ ඔවුන් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම බවයි මේ පිළිබඳව දැනුවත් තවත් පිරිසකගේ අදහස වී ඇත්තේ.

 

පාසැල් හා විශ්වවිද්‍යාල ආශ්‍රිතව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය උවදුර හරහා දරුවන්ව ඊට පොළඹවාගන්නා බවත්  විවිධ මත්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීම සඳහා එකම එන්නත් පාවිච්චි කිරීමත් ඊට හේතුවක්ව ඇති බවත් ඔවුනගේ මතය වී ඇත.

 

කෙසේ වුවද සමාජ මාධ්‍ය වැනි මාධ්‍යයන් මගින් අවශ්‍ය පණිවුඩ සමාජගත කිරීමේ වැඩසටහනක් මෙන්ම මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධයෙන් දේශපාලනීකරණය නොවූ මෙහෙයුමක් ගුරු දෙගුරුන්ගේ සහභාගීත්වයද සහිතව ඇරඹීය යුතු කාලය දැන් පැමිණ ඇත.

 

 

නවතම ලිපි