කැලණි ගංගා ද්‍රෝණිය සහ කලා ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිරි පැය 48 සඳහා
ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
දිවයිනට බලපවත්වා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ වනවිට පවුල් 59,629කට අයත් පුද්ගලයින් 207,582 දෙනෙක් පීඩාවට පත්ව සිටී.
ආපදා හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්වී ඇති අතර පුද්ගලයින් 07 දෙනකු අතුරුදන්වී තිබේ.
පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇත.
මේ අතර පවතින ආයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුර්ණ නිවාස හානි 06ක් වාර්තා වී ඇති අතර අර්ධ නිවාස හානි 561ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පවතින තත්ත්වය හේතුවෙන් පවුල් 1,712කට අයත් පුද්ගලයින් 6,016 දෙනෙකු ඥාති නිවාසවල සිටින අතර ආරක්ෂිත ස්ථාන 104ක පවුල් 3,102කට අයත් පුද්ගලයින් 10,137 දෙනෙකු රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.