ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ තුන්වෙනි සමාලෝචනයට
කාර්ය මණ්ඩල එකඟතාවයන් ලැබුණත් එහි සිව්වන ණය වාරිකය ලැබීම 2025 වසරේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පසු දක්වා කල් යනු ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මීළඟ ණය වාරිකය ලැබීම ලබන වසරේ මාර්තු මස තෙක් තවත් මාස කිහිපයකින් කල් යාමට නියමිතය.
මීට හේතු වී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාරත්ව මණ්ඩලය හා විධායක මණ්ඩලය අනුමැතිය ලබාදීම සිදුවන්නේ ලබන වසර අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව වීමයි.
එමෙන්ම එම අයවැය මගින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පූර්ව කොන්දේසි ඉටු කිරීමටද කටයුතු කළ යුතුව ඇති අතර ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනේ අරමුණුවලට අනුකූල වන පරිදි ඉදිරි අයවැය ඉදිරිපත් කිරීම ඇතුළු පූර්ව ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කිරීම ද කළ යුතුව ඇතැයි වාර්තා වේ.