කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ගේ ප්‍රධානත්වයෙන්
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද පෙරවරුවේ යළි ආරම්භ කෙරිණි.
සහභාගීවූවන් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ අවසන් මහජන දිනය 2020 වසරේ පැවති බවයි.
ඒ අනුව අමාත්‍යාංශයේ මහජන දිනය දැන් සෑම සඳුදා දිනකම පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා පැවැත්වෙනු ඇති අතර මෙම කාලය තුළ ඕනෑම අයෙකුට විෂය භාර අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් හමුවී තම ගැටලු විසඳා ගත හැකිය.
ක්ෂුද්‍ර, කුඩා, මධ්‍යම හා මහා පරිමාණ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් අද මහජන දිනයට පැමිණ සිටියේ තමන්ට පවතින අභියෝගවලට විසඳුම් සෙවීමටයි.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යාංශ නිලධාරීන් සමඟ එක්ව මෙම හමුවේදී මතු වූ ගැටලු කිහිපයකට කඩිනම් විසඳුම් ලබා දුන්නේය.
ඉදිරි ක්‍රියාමාර්ග අවශ්‍ය වන ගැටළු සඳහා, ඒවා විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බව සහතික කරමින් අමාත්‍යාංශය විසින් ඔවුන් අදාළ ආයතන වෙත යොමු කරන ලදී.