SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යාශයේ ලේකම් ධුරයෙන්

ඉල්ලා අස්වී ඇත. ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ දැනුවත් කිරීමකින් තොරව එම තනතුරට වැඩ බලන ලේකම් වරියක් පත් කිරීමේ හේතුවෙන් බවත් වාර්තා වෙයි.

 

 

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්වීම සඳහා එම පරිපාලන නිලධාරින් පස් දෙනකු තරඟයක යෙදී ඇති බවද සඳහන්ය.

 

සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයා යන දෙදෙනාම වෛද්‍ය වෘත්තිකයන් වන නිසා සෞඛ්‍ය ලේකම් ධුරයට වෛද්‍යවරයකු නොවන පරිපාලන නිලධාරික පත් කිරීමට රජයේ අවධානය යොමු ව ඇතැයිද පැවසෙයි.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වන වත්සලා ප්‍රියදර්ශනී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම්වරිය වශයෙන්ම පත් කර ඇති අතර ඇය පසුගිය සෙනසුරදා පස්වරුවේ එම ධුරයේ වැඩ භාරගෙන ඇත.

 

ඉකුුත් 19 වැනිදා පත් කරන ලද අමාත්‍යංශ ලේකම්වරුන් අතර සෞඛ්‍ය අමාත්‍යංශය සදහා ලේකම්වරයෙක් අලුතින් පත් නොකල අතර මහීපාල එම ධුරයේ කටයුතු කරමින් සිටියේය.

 

 

lankacnews

නවතම ලිපි