ඇෆ්ගනිස්ථානයේ නහ්රින් දිස්ත්‍රික්කයේ දුරස්ථ ප්‍රදේශයක පිහිටි සිද්ධස්ථානයක
සතිපතා චාරිත්‍රානුකූල වතාවතකට සහභාගී වෙමින් සිටි පිරිසකට සූෆිවරුන්ට තුවක්කුකරුවෙකු විසින් වෙඩි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
"නහ්රින් දිස්ත්‍රික්කයේ දුරස්ථ ප්‍රදේශයක සිද්ධස්ථානයක සතිපතා චාරිත්‍රයකට සහභාගී වෙමින් සිටි පිරිසකට සූෆිවරුන්ට වෙඩි තැබීමෙන් පුද්ගලයන් දස දෙනෙකු මිය ගිය බව"
අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ අබ්දුල් මතින් කානි AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නැත.
තලේබාන් සංවිධානය 2021 අගෝස්තු 15 වන දින රට අත්පත් කර ගත් අතර යුද්ධයෙන් විනාශ වූ ජාතියේ ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීමට පොරොන්දු විය.
ප්‍රහාර අඛණ්ඩව සිදු වී ඇති අතර, ඒවායින් බොහොමයක් සටන්කාමී ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායමේ ප්‍රාදේශීය හස්තය විසින් බව ප්‍රකාශ කරන ලදී.
මීට පෙර සැප්තැම්බර් මාසයේදී මධ්‍යම ඇෆ්ගනිස්ථානයේදී IS සංවිධානය විසින් ප්‍රකාශ කරන ලද ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.