නව පාර්ලිමේන්තුව විවෘත කිරීමේ දී ඇතැම් සම්ප්‍රදායන්
වෙනස් කර ඇති බව ආරංචි මාර්ග පවසයි. විවෘත කිරීමේ උත්සවය හැකිතාක් සරල කිරීමට මෙය සිදු කර ඇතැයි පැවසේ.
පාර්ලිමේන්තුව විවෘත කිරීම සම්බන්ධයෙන් පැවති ඇතැම් සම්ප්‍රදායන් මෙවර ඉවත් කර ඇති බව වේත්‍රධාරී කුෂාන් ජයරත්න අදහස් දක්වා ඇත.
නොවැම්බර් 21 බ්‍රහස්පතින්දා නව පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා පැමිණෙන ජනාධිපති අනුර කුමාර දිසානායක, කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා විසින් පිළිගැනීමට නියමිත අතර, ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් පෙර ගමන් රථ, අශ්වාරෝහකයින්, ජයමංගල ගාථා ආදී කිසිවක් ඇතුළත් නොවීමද මෙවර දක්නට ලැබෙන විශේෂත්වයන් වේ.
බ්‍රහස්පතින්දා පැවැත්වෙන සැසිවාරයේදී කථානායකවරයා තෝරා පත් කර ගැනීමට ද අපේක්ෂා කෙරේ. නව අමාත්‍යවරුන් වන බිමල් රත්නායක සභානායකවරයා ලෙස පත් කර ඇති අතර නලින්ද ජයතිස්ස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කර තිබේ.