හිටපු ඇමති රවී කරුණානායන ගේ නම නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු
මන්ත්රීවරයෙක් ලෙස මැතිවරණ කොමිසමට යවා ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයෙන් බව එජාප නායක හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ කියයි.
එම පෙරමුණේ නියෝජිතයන්ට හෙතෙම පෙන්වා දී ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර පක්ෂ ලේකම්වරිය අත්තනෝමතිකව එම ක්රියාව සිදුකර ඇති බවය.
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් වන රවී කරුණානායක ට සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීමට හැකියාවක් නැති බවද එජාප නායකයා පෙන්වා දී ඇත.
මේ අතර අදාළ මන්ත්රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හෙට(19) එම පෙරමුණේ සියලු පක්ෂ කොළඹට රැස්වීමට නියමිතව තිබිණි.