නව අමාත්‍යවරුන් 22 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය අද(18)
පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.
එහිදී ආරක්ෂක, මුදල් හා ආර්ථික සංවර්ධන සහ ඩිජිටල් ආර්ථිකය යන අමාත්‍යාංශ ජනාධිපති අනුර කුමාර දිසානායක සතුව තබාගෙන ඇත.
මුදල් අමාත්‍යාංශයේ වගකීම ලබාදේ යැයි බොහෝ විවාදයට පාත්‍ර වූ සුනිල් හඳුන්නෙත්ති කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නේය.