ජාතිකජන බලවේගය ඉතිහාසගත බලයක් පාර්ලිමේන්තුව තුළ තහවුරු කරගෙන සිටින මොහොතේ
විපක්ෂය නැවත පිලිසකර කරගෙන ගොඩගත හැකි නායකත්වයක් පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය අභ්‍යන්තරයෙන් ගොඩනැගෙමින් ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂනායකවරයා ජනාධිපතිවරණ දෙකක් සහ මහමැතිවරණ දෙකක් පරාජයට පත්ව තිබීම තුළ විපක්ෂ නායකකම සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම යෝජනා වෙමින් ඇති බවත් ඊට එරෙහි වන්නන් සිටියද බහුතරයකගෙන් ඊට කැමැත්තක් පලව ඇති බවද එකී ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
හර්ෂ ද සිල්වා පක්ෂයේ සිටින ජනප්‍රිය, උගත්, බුද්ධිමත්, ජාත්‍යන්තර කටයුතු පිළිබඳවද හසල දැනුමක් ඇත්තෙකු බවත්, මේ මොහොතේ විපක්ෂයට නායකත්වය දීමට ඔහු සුදුසු බවට යෝජනාව ඉදිරිපත්ව ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.
විශේෂයෙන්ම ජනතාව සාම්ප්‍රදායික දේශපාලනය සහමුලින්ම ප්‍රතික්ෂේප කරමින් වාමාංශික ආණ්ඩුවක් බිහිකර, ඊට තුනෙන් දෙකකටත් අධික බලයක් ලබාදී ඇති මොහොතක දක්ෂිනාංශික කඳවුර ගොඩනැගීමේ වගකීම පැවරිය යුත්තේ කිහිප වරක්ම පරාජයට පත් රනිල් වික්‍රමසිංහට හෝ සජිත් ප්‍රේමදාසට නොවේය යන යෝජනාවත් පක්ෂයට හිතවත් සාමාජිකත්වයන් තුළින් බරපතළ ලෙස ඉදිරියට පැමිණ ඇතැයි කියැවේ.
ඒ නිසා බොහෝ දුරට සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ පක්ෂ නායකත්වයේ සිටිනු ඇති අතර නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස හර්ෂ ද සිල්වා කටයුතු කරනු ඇති බව සඳහන්.