SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහමැතිවරණයට තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සාගල රත්නායක ට ලබාදීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි උත්සාහයක නිරත වී සිටින බව පැවසේ.

 

 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිව ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව පැමිණ ගෑස් සිලින්ඩරයට එකතු වූ කණ්ඩායම වෙනුවෙන් ඉන් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිටපු අමාත්‍ය ටිරාන් අලස් ට ලබාදීමට සූදානම් බව නිල නොවන ආරංචිමාර්ග පවසයි.

 

 

ඒ අනුව ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රවී කරුණානායක ට ලබාදෙන ලෙස එජාපයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතත් එජාප නායක රනිල් වික්‍රමසිංහ එයට එකඟ නොවන තත්වයක් පවතින බව අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.

 

 

මේ අතර මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිමිවන පුද්ගලයාටම ඉදිරියේදී එජාප නායකත්වයත් හිමිවනු ඇති බවට මතයක් ද පක්ෂය තුළ පැතිර ගොස් ඇත.

 

 

ඒ අනුව, රවී කරුණානායක ට අදාළ මන්ත්‍රී ධුරය ලැබීම වැළැක්වීමටත් එය සාගල රත්නායක ටම ලබාදීමටත් රනිල් වික්‍රමසිංහ ප්‍රබල උත්සාහයක නිරත වී සිටින බවත්, පවුල්වාදය සැබෑවටම පවතින්නේ මේ ආකාරයට බවත් මේ පිළිබඳ අදහස් දක්වන්නන්ගේ මතය වී ඇත.

 

 

මෙම තත්වය යටතේ හෝ එජපයේ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නායකත්වය රවී කරුණානායකට හෝ හර්ෂ ද සිල්වාට ලබාදී තව වසර පහකින් එළැඹෙන මැතිවරණයට හෝ පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බව පැරණි එජාප පාක්ෂිකයන්ගේ මතය වී ඇත.

 

 

නවතම ලිපි