නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ හෙට (18)
පෙරවරු 10 ට, ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.
එහිදී උපරිම වශයෙන් කැබිනට් අමාත්‍යවරුන් විසි පහක් පත් කිරීමට නියමිත අතර, එම සියලු දෙනාම හෙට දිනයේ පත් නොකෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.
එමෙන්ම එක් අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු බැගින් එකී විෂය පථය අනුව පත් කෙරෙනු ඇතැයි පැවසේ.
කැබිනට් අමාත්වරුන් පත් කිරීමේදී ඒවාට අදාල විෂය ප්‍රවීණයන් පත් කිරීමට දැනටමත් සැලසුම් කර ඇත.
කැබිනට් අමාත්‍ය ධුර ලබා දීමේදී මූලිකව අදාල වන දිස්ත්‍රික්කයකයන් සම්බන්දයෙන්ද සැලකිලිමත් වෙමින් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ ලබාදීමට සැලසුම් කර ඇත.
අවම වශයෙන් දිස්ත්‍රික්කයකට කැබිනට් අමාත්‍ය ධුරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය දුර දෙකක් හෝ ලබාදීමට මූලික වශයෙන් දැනටමත් සැලසුම් කර ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.