ජාතික ජන බලවේගය (NPP) කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය රැක ගැනීම
දැවැන්ත අභියෝගයක් බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද(15) ප්‍රකාශ කළේය.
එම බලය ජාතික ජන බලවේගය අනිසි ලෙස භාවිතා නොකරන අතර ජනතාවගේ ප්‍රයෝජනය සඳහා සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීම සඳහා භාවිතා කිරීමට කැපවී සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
මහ මැතිවරණයෙන් පසු පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ජාජබය කිසිවිටකත් තුනෙන් දෙකක බලයක් අපේක්ෂා නොකළ බවත්, අධික බලය පරිස්සමෙන් භාවිතා කිරීමේ විශාල වගකීම NPPය සතු බවත්ය.
අධික බලය දූෂණයට ලක්වන බවට මතයක් සමාජය තුළ පවතින බවත්, ඊට හේතුව 1977න් පසු බලයට පත් වූ ආණ්ඩු ජනතාව මර්ධනය කිරීමටත්, පොදු දේපළ තම පෞද්ගලික වාසි තකා අවභාවිත කිරීමටත් අධික බලය භාවිත කළ නිසා බවත් ඔහු සඳහන් කළේය.
ජනතාව මර්දනය කිරීමට අධික බලය අයුතු ලෙස භාවිත නොකර, රට සංවර්ධනය කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට, වංචාවෙන් දූෂණයෙන් තොර සමාජයක් බිහි කිරීමට සහ ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට රජය එම බලය යොදා ගන්නා බවද ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.