2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්රික්කය සඳහා ඉදිරිපත් වූ
අගමැතිනි හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්රික්කයේ පළමුවැනියා වී තිබේ.
මෙම මනාප ගණන මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්රී ධුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස ඉතිහාස ගත වේ.
මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්රි ධුර අපේක්ෂකයා වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ය.
ඔහු 2020 වසරේදී කුරුණෑගල දිස්ත්රික්කයෙන් මහ මැතිවරණයට තරග කරමින් මනාප 527,364ක් ලබාගත්තේය.