SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව තුළ ' ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියට පිවිසීම අවහිර කර තිබීමේ නියෝගය

රජය විසින් ඉවත්කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ආරංචිමාර්ග පවසයි. 

 


මෙම වෙබ් අඩවිය අවහිර කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමට නියෝගකර තිබුනේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි. 


PHOTO 2024 11 14 10 34 27
ලංඩනයේ සිට ක්‍රියාත්මක වන 'ලංකා ඊ නිව්ස් වෙබ්' අඩවිය තහනම් කරන ලද්දේ 2017 වසරේ නොවැම්බර් 08වන දාය. 'ලංකා ඊ නිව්ස්' අඩවිය පලකළ පුවත්වලින් ජනාධිපති සිරිසේන දරුණූ ලෙස විවේචනය කර තිබීම ඊට හේතුවිය. 



මෙම තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය  ඇතුළු ජාතික හා ජාත්‍යන්තර සංවිධාන රැසක් පසුගිය වසර කිහිපයේ දී දිගින් දිගටම විරෝධය පළකර තිබිණ. 



එහි සුවිශේෂී ම කාරණය වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ සිටි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ද ප්‍රසිද්ධියේම 'ලංකා ඊ නිව්ස්' අවහිර කිරීමට එරෙහිව එකල ප්‍රසිද්ධියේම පෙනී සිටීමයි. 


වර්තමානයේ වෙබ් අඩවි තහනම් කිරීම 21 වෙනි සියවසට නොගැළපෙන, අර්ථ ශූන්‍ය ක්‍රියාවක් බව මංගල සමරවීර වරක් පැවසිය.



කොළඹ, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවති "මාධ්‍යයේ දේශපාලනය" නම් වැඩසටහන අමතා අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේදී ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම අවහිර කරනු ලැබීම පිළිබඳව ද සිය මතය පැහැදිලි කළේය.



"ලංකා ඊ නිවුස් තහනම ගැනත් වචනයක් කියන්නම්. අද කිසිම වෙබ් අඩවියක් තහනම් කරන්න බැහැ. තහනම් කරන්න උත්සාහ කිරීමත් පසු බෑමක් විතරයි," මංගල සමරවීර එහිදී සඳහන් කළේය.



මෙරට වෙබ් මාධ්‍ය කලාවේ පුරෝගාමියා වූ 'ලංකා ඊ නිව්ස් වෙබ්' අඩවියේ සංස්කාරකවරයා වුයේ ප්‍රවින මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර යි.. රාජපක්ෂ පාලන සමයේදී අතුරුදහන් කල මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ එම වෙබ් අඩවියේ විශේෂාංග කතුවරයා ලෙස කටයුතු කළේය. 



2010 වසරෙන් පසු රාජපක්ෂ පාලන සමයේ දී එම වෙබ් අඩවියට දිගින් දිගටම එල්ල වූ මරණිය තර්ජන හමුවේ සඳරුවන් සේනාදීර ජීවිතාරක්ෂාව පතා  විදේශගත වූ අතර එසේ විදෙස්ගතව සිට වෙබ් අඩවිය මෙතෙක් අඛණ්ඩව පවත්වාගෙන යයි.

 

@උපුටාගැනීම - Theleader

නවතම ලිපි