SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අමෙරිකානු නව ජනපති ලෙස තේරිපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ටෙස්ලා අධිපති එලෝන් මස්ක්ට

ධවල මන්දිරයේ ප්‍රධාන රැකියාවක් ලබා දී තිබේ.

 

ඒ නව දෙපාර්තමේන්තුවක් හඳුන්වාදෙමිනි.

 

එය නම් කර ඇත්තේ "රාජ්‍ය කාර්යක්‍ෂමතා දෙපාර්තමේන්තුව" නමිනි.

 

ඒ අනුව නව "රාජ්‍ය කාර්යක්‍ෂමතා දෙපාර්තමේන්තුව" මෙහෙයවීමේ වගකීම එලොන් මස්ක්ට පවරා ඇති අතර එය ඔහුගේ නැගී එන නව කණ්ඩායම ලද නවතම පත්වීම වේ.

 

 

ටෙස්ලා ප්‍රධානියා, Elon Musk, පසුගිය මාසයේ නිව් යෝර්ක් නගරයේ පැවති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැලියේදී යෝජනා කළේ “අපද්‍රව්‍ය” මුලිනුපුටා දැමීමෙන් එක්සත් ජනපද රජයේ වියදම්වලින් “අවම වශයෙන් ඩොලර් ට්‍රිලියන 2ක්” කපා හැරීමට හැකි වනු ඇති බවයි.

 

 

ට්‍රම්ප් පවසන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සහ  රිපබ්ලිකන් ප්‍රාථමික අපේක්ෂක විවේක් රාමස්වාමි සමඟ එක්ව එම සංවිධානයට නායකත්වය දෙනු ඇති බවය.

 

මෙම නව දෙපාර්තමේන්තුව මගින් රජයේ වියදම් කපා හැරීමට, රජයෙන් පිටත සිට උපදෙස් සහ මගපෙන්වීම් ලබා දෙනු ඇති බවත් ට්‍රම්ප් සඳහන් කර ඇත.

 

මීට පෙර 2022 පමණ වන තෙක්ම ට්‍රම්ප් සහ මස්ක් එකිනෙකාව ප්‍රසිද්ධියේම විවේචනය කර ගන්නා පුද්ගලයින් පවට පත්ව සිටියත්, පසුගිය ජුලි මාසයේ ට්‍රම්ප් ඝාතන තැතින් ඉතා නිර්භීත ලෙස බේරීමත් සමගම, ට්‍රම්ප් - මස්ක් මිතුදම වර්ධනය විය.

 

ඉන් ටික දිනකට පසුව ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපරයට මස්ක් ඩොලර් මිලියන 100 ක් පමණ ප්‍රදානය කළ අතර, මැතිවරණය ආසන්නවත්ම ට්‍රම්ප්ට සහාය පළ කරන්නන් සොයා දිනකට එක් අයෙකුට ඩොලර් මිලියනයක් බැගින් ලබා දුන් බව වාර්තා වේ.

 

 

නවතම ලිපි