SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙරට දස වැනි පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයින් තෝරා පත් කරගන්නා

2024 මහ මැතිවරණ ඡන්ද විමසීම අද (14) පැවැත්වේ.

 

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 196 ක් සඳහා අපේක්ෂකයින් 8361 දෙනෙකු මෙවර මහා මැතිවරණයට තරඟ කරන අතර අනෙක් ආසන 29 ජාතික ලැයිස්තුවෙන් තෝරා පත් කර ගැනීමට නියමිතව ඇත.

 

 

2024 මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නව ඡන්ද දායකයන් ලක්ෂ 9කට ආසන්න පිරිසක් ඇතුළුව සමස්ත ඡන්ද දායකයන් මිලියන 17ක් සුදුසුකම් ලබා තිබේ.

 

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අද උදෑසන 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

 

ඡන්දය යනු පුරවැසියාගේ අයිතිය හා බලය බවත් ඔබගේ බලය හා අයිතිය පාවිච්චි කරන ලෙසත් 14 වැනි දින හැකි තරම් වෙලා සනින් ඡන්ද පොළට ගොස් සිය අයිතිය ප්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

 

එමෙන්ම  පාර්ලිමේන්තු මහමැතිවරණයෙදී කිසියම් ඡන්ද පොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශුන්‍ය කරන බවත් ඔහු පවසයි.

 

එබැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා කැපවීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බවත් ඡන්ද අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැපවිය යුතු බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

නවතම ලිපි