මැතිවරණ ප්‍රචාරණ නිහඬ කාල සීමාව තුළදී මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙක්
රංගනයෙන් දායක වන කිසිදු කලා නිර්මාණයක් ප්‍රසිද්ධ නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු මාධ්‍ය ආයතනවලින් ඊයේ ඉල්ලා සිටියේය.
නිහඬ කාල සීමාව තුළදී මැතිවරණ ප්‍රචාරණ සියලු කටයුතු අවසන්ව ඇති හෙයින් ප්‍රවෘත්තියක් පමණක් නොව මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙක් සහභාගී වන ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක් හෝ ප්‍රසිද්ධ කිරීමට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේදී ඊයේ (නොවැ. 12) පැවති විශේෂ මාධ්‍ය හමුව අමතමින් සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.
“කිසිදු මාධ්‍යයක අපේක්ෂකයෙක් අගතියට පත්වන හෝ ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිවක් ප්‍රකාශ කිරීමට හෝ ප්‍රසිද්ධ කිරීමට හැකියාවක් නැහැ.
ඡන්දයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙක් සහභාගී වන ටෙලි නාට්‍යයක් ප්‍රසිද්ධ කරන්න, විකාශනය කරන්න හැකියාවක් නැහැ. මේ ඉතා කෙටි කාලය තුළ ඉතා ම සංයමයෙන් කටයුතු කර මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා”.