SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙරට 10වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන

මහ මැතිවරණය හෙට (14) පැවැත්වීමට සියලු කටයුතු සිදුකර අවසන් ය.

 

 

2024 පාර්ලිමේන්තු මැතිවරණයට  අපේක්ෂකයින් 8,888ක් තරගවදිනු ලබති.  මෙහිදී ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන 17,140,354කි.

 

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් මේ වනවිට ජනතාවට  ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් කර ඇත. 

 

 

ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම ඡන්දදායකයින්ට දැනුම්දෙයි.

 

ඊට අදාළ වන්නේ පහත සඳහන් ඒවාය,

* ජාතික හැඳුනුම්පත

* වලංගු විදේශ ගමන් බලපත්‍රය 

* වලංගු රියදුරු බලපත්‍රය

* රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත

* වැඩිහිටි හැඳුනුම්පත

* පූජ්‍ය / පූජක හැඳුනුම්පත

* ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය

* ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිසම නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත 

* මැතිවරණ කොමිසම අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත 

 

මහ මැතිවරණයේ ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 64,000කි. 

 

මේ අතර 2024 මහ මැතිවරණයේ ඡන්ද විමසීම නිරීක්ෂණය සඳහා දෙස් විදෙස් නිරීක්ෂකයින් ද එක්වී සිටී.

 

 

නවතම ලිපි