තෙල් සංස්ථාවේ ණය පියවීම සඳහා ඉන්ධන මත පනවා ඇති රුපියල් පනහක බදු මුදල ඉවත් කිරීම සඳහා
මේ වන විට එම ණය පියවා ඇති ප්රමාණය ගණනය කරමින් සිටින බව ජනාධිපති අනුර දිසානායක පවසයි.
එම ගණනය කිරීම අවසන් වූ පසු ණය අවසන් වන කාලයත් අනුව සලකමින් එම සහනය ලබා දිය හැකියාවක් ඇති බවත් නැතහොත් එම බද්ධ අඩු කළ හැකි බවත් ජනාධිපතිවරයා කියා සිටී.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසාන වශයෙන් ගණනය කිරීමක් මෙතෙක් සිදුකළ නැති බවත්, එය ගණනය කළ යුතුව ඇත්තේ ඉදිරියේදී නව වාහන මෙරටට ගෙන ඒමත් සමග ඉන්ධන මත ඇතිවන ඉල්ලුම ඉහළ යාමේ ප්රවණතාවයන්ද සලකා බලමින් බවත් ජනාධිපතිවරයා පවසයි.
එහිදී මෙම බද්ධ තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුද නැද්ද යන්න කල්පනා කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.