එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින්
කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීම පිළිබඳ තොරතුරු ලැබී ඇති බව ජාතික කාර්ය සාධක බළකාය පවසයි.
එම බළකාය පවසන්නේ මෑතක සිට වැඩි වශයෙන් ශ්‍රී ලාකිකයින් එම කඳවුරු වෙත ආකර්ෂණය කරගැනීමට විශේෂයෙන්ම වැඩි වැටුප් පෙන්වමින් සහ ඉහළ පරිගණක දැනුම සහිත පුද්ගලයින්ව වෙනත් රටවල රැකියා සඳහා යොමුකරන බව පවසමින් එම වෘත්තීයවේදීන්ව රවටමින් ඇති බවයි.
සමහරුන්ව ඩුබායි හි සම්මුඛ පරීක්ෂණ පවත්වන බව පවසමින් රවටා මියන්මාරය වෙත රැගෙන යන බව ද වාර්තා වී ඇත.
එබැවින් විදෙස් ගත වන්නේ නම් නීත්‍යානුකූල ක්‍රමවේද භාවිත කරන ලෙස සියලු දෙනාගෙන් ජාතික කාර්ය සාධක බළකාය පවසයි.
යම් සැක කටයුතු සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒ සම්බන්ධයෙන් 0112102570, 076 844 7700 යන දුරකථන අංකවලට හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපිනයට තොරතුරු ලබාදෙන ලෙසත් ජාතික කාර්ය සාධක බළකාය දැනුම් දෙයි.