මැතිවරණවල ඡන්දය සලකුණු කිරීමෙන් පසු සුළැඟිල්ල වර්ණ ගැන්වීම
මෙවර මහ මැතිවරණයේදී වෙනසක් සිදුකර තිබේ.
ඒ අනුව මෙවර ඡන්දය සලකුණු කිරීමෙන් පසු වම් අතෙහි දබරැඟිල්ල වර්ණ ගන්වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කරයි.
"පසුගිය ජනාධිපතිවරණයේ දී අපි වම්අතේ සුලැඟිල්ල වර්ණ ගන්වනු ලැබුවා. බොහෝදෙනෙකුගේ ඒ සලකුණු කළ ආකාරය ඒ අයුරින්ම තිබෙනවා. ඒ නිසා මෙවර මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරලා තියෙනවා වම් අතේ දබරැඟිල්ල සලකුණු කිරීම සඳහා භාවිතා කරන්න."
නොවැම්බර් 14 වනදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සියල්ල අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එමෙන්ම මැතිවරණයට අදාළ ප්රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
තව දින 3කින් පැවැත්වෙන මහ මැතිවරණයේදී මෙරට දස වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත්කරගැනීම සඳහා ඡන්දදායකයින් 17,140,354 දෙනෙකු ඡන්ද භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිති.