මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු අවසන් වීමට ඇත්තේ තව පැය කිහිපයකි.
මැතිවරණයේ මනාප ක්‍රමය යටතේ පක්ෂ පක්ෂ අතරත්, විශේෂයෙන්ම එකම පක්ෂය තුළමත් ඇත්තේ අතිවිශාල තරඟයකි.
සෑම පක්ෂයකම කැපී පෙනෙන අපේක්ෂකයින් තරඟකරන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ පක්ෂ අතර තරඟයත් උණුසුම් ය.
එමෙන්ම පක්ෂ ඇතුලත තරඟයත් උණුසුම් ය.
ජනාධිපතිවරණයේදී සිදු වූ තරමටම නොවූව ද අපේක්ෂකයින් අතර මනාප සටනේ පෙරමුණේ සිටින්නේ කව්රුන්ද යන්න පිළිබඳව මේ වනවිට නිල නොවන මට්ටමේ සමීක්ෂන හෙළිදරව් වෙමින් පවතී.
ඒ අතර https://www.gossiplanka.com/ වෙබ් අඩවිය පසුගිය කාලය පුරාම මහ මැතිවරණයේ ඡන්ද දායකයින්ගේ මත විමසුමකට ගොස් තිබුණු අතර මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ පෙරමුණ ගෙන සිටින තරඟකාරී පක්ෂ දෙක වන ජාතික ජන බලවේගය සහ සමගි ජන සන්දානයේ මනාප උණුසුම ගැන වාර්තා ඉදිරිපත් කර ඇත.
https://www.gossiplanka.com/ තම ග්‍රාහකයින්ගෙන් ලබාගත් දත්ත ඇතුලත් සමීක්ෂණ වාර්තා අනුව ජාතික ජන බලවේගයේ මේ වනවිට ඉදිරියෙන්ම සිටින්නී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියයි.
සමගි ජන සන්දානයේ ඉදිරියටම පැමිණ ඇත්තේ එම සන්දානයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වේ.
සමගි ජන සන්දානයේ හොඳම කණ්ඩායමෙන් බහුතරය තරඟ කරන්නේද කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර මේ වනවිට එම සන්දානයේ දෙවැනි තැනට පත්ව ඇත්තේ හිටපු මන්ත්‍රී එස්.එම්.මරික්කර් ය.
එහිදී https://www.gossiplanka.com/ වෙබ් අඩවි සමීක්ෂනයට අනුව ජාජබයෙන් දෙවැනි තැනට පත්ව ඇත්තේ චතුරංග අබේසිංහය.
කෙසේ වුවද කොළඹ දිස්ත්‍රික්කයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වන සමන්මලී ගුණසිංහට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.
මේ අතර විපක්ෂයේ බොහෝ දෙනාගේ අවදානයට ලක්ව ඇත්තේ සජබ මුල් පෙළේ ක්‍රියාධරයින් අභිබවමින් කොළොන්නාවේ හයිය සමග සයිදුල්ලා මුස්තජාබ් මරික්කර් දෙවැනි තැනට පත්වීමය.
මීට පෙර මැතිවරයන්හිදී ද, මරික්කාර් හිටපු මන්ත්‍රීවරයා කොළඹ දිස්ත්‍රික්කයේ ඉහළම මනාප ගෙන තිබුණු අතර ඔහු දෙවැනිව තිබුණේ පක්ෂ නායකයාට පමණය.
කව්රු මොන ආකාරයෙන් විග්රහ කළද තවමත් ලංකාවේ ඡන්ද දායකයා තම ඡන්දය භාවිතා කරන්නේ තමන්ගේ දුකේදී සැපේදී තමන් හා ගැවසෙමින් හිතවත්කම් බෙදාහදා ගන්නා ජනතා නියෝජිතයින්ටය යන්න මෙතෙක් අත්දැකි සත්‍යයකි.
මෙවර මාලිමාව විසින් එකී තත්වය වෙනස් කරන්නේ නම් කෙටිකාලීනව ජනතාව තම භාවිතාව වෙනස් කරගෙන තිබීමක් ලෙස විචාරකයින්ගේ මතය වේ.