ගම්පහ දිස්ත්‍රික්කයෙන් ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරඟ වදින මහින්ද සේනානායක විසින්
2024 නොවැම්බර් මස 01 දින පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් යොමුකර තිබුණේ රංජන් රාමනායක විසින් නාමයෝජනා ලබා දීම අපරාධමය වරදක් බවට සාක්ෂි සහිතව බව කියැවේ.
එකී පැමිණිල්ල සම්බන්ධව පොලිස් මූලස්ථානය විසින් අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කිරීමට යැයි ගම්පහ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට යොමු කර ඇතත්, එම පැමිණිල්ල මෙතෙක් උසාවියට යොමු කර නැතැයි ජන අයිතීන් සුරැකීමේ සංවිධානය කියයි.
ඒ අනුව එකී පැමිණිල්ල උසාවියට යොමු නොකර කල් මැරීම පිළිබඳව කරුණු විමසීමට හෙට (11) දින ජන අයිතීන් සුරැකීමේ සංවිධානය සූදානම් ව ඇතැයි පවසයි.
එසේ අදාල ක්‍රියාමාර්ග කඩිනමින් නොගැනීම පිළිබඳව ඔවුන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමටද කටයුතු යොදා ඇත.
@ලක්මාල් වතුයාය