SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පළපුරුදු තියෙන අය එවන්න යැයි කියන බවත්,  

පළපුරුද්දක් ඇති එතුමා කලේ ඔහුගේ පක්ෂයත් සෙසු පැරණි පක්ෂ සියල්ලමත් විනාශ කිරීම බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක, සර්වජන බලය අපේක්ෂක ව්‍යවසාය දිලිත් ජයවීර පවසයි.

 

ඔහු එබව කියා සිටියේ, මාතර පැවති ජනහමුවකට එක්වෙමිනි.


"අපේ හිටපු ජනාධිපතිවරයා දැන් කියනවා පාර්ලිමේන්තුවට එවන්නලු පළපුරුදු තියෙන අය. මාර වැඩේ පළපුරුද්දක් ඇති එතුමා ඔහුගේ පක්ෂය විනාශ කළා.  සෙසු පැරණි පක්ෂ සියල්ලම විනාශ කළා. අවසාන වශයෙන් ලංකාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ යම් පක්ෂයක් ඉතිරිව තිබුණානම් ඒකත් වික්‍රමසිංහ මහත්තයා කොළු ගැටයට කතාකරලා ලියලා දීලා. ඉතිරි දේ හරිනි නෝනාට ලියලා දීලා. 



දැන් හරිනි නෝනා තමයි අග්‍රමාත්‍ය අපේක්ෂිකාව. හඳුන්නෙත්ති, ලාල් කාන්ත, විජිත, ටිල්වින් මගේ මිත්‍රයෝ මම මේ නම් මතක් කරන්නේ ඒ අයට මතක් කරලා දෙන්නට. ගොඩක් සුදුස්සෝ ඉන්නවා ඒ කවුරුත් පෝලිමේ පිටුපස්සේ ඉන්නේ. හැබැයි හරිනි ඉස්සරහින්. මොකද අර බබා වැල්පාලමේ එනගමන් භාරදෙනකොට නොදුන්න මැනුවල් එක තියෙන්නේ හරිනි නෝනා ළඟ. හරිනි අගමැති කළාම ශ්‍රී ලංකාවේ තියෙන්නේ රනිල්ගේ ආණ්ඩුවක් කිසිවෙනසක් නැහැ. 



ඉතින් අපි අද කරන්නේ මෙන්න මේ විනාශ මුඛයට ගිය ශ්‍රී ලාංකික දේශපාලනය ආදරයෙන් බැඳෙන්නට පුළුවන්, එක්වෙන්න පුළුවන් දේශපාලනයක් ඇති කිරීම.

 

සර්වජන බලය අපේ පදක්කම ඉදිරියේ ඔබේ සෙනෙහසේ කතිරය සලකුණු කරන්න මේ 14 වැනිදාට. ඊට පස්සේ අපිට පුළුවන් ඒ එඩිතර විපක්ෂය නිර්මාණය කරන්නට."



එඩිතර විපක්ෂය කියන්නේ ජනාධිපතිකම දුන්නාම අනේ බෑ කියලා යාල කැලේ අලි බලන්න යන අය නෙමෙයි.



"අපි මේ සෙනහසේ එඩිතර විපක්ෂය නිර්මාණය කරන්නේ ලංකාවේ ලොකුම විපක්ෂයයි.  ආණ්ඩුවට වඩා ලොකුයි මේ විපක්ෂය. අපි ගිහින් අපේ අනුර සහෝදරයට කියන්න ඕනේ අපි ඔයාව බලාගන්නවා. ගලවලා දාන්න ඔය පොතේ 230 වැනි පිටුව. අපි හිටගන්නවා ඔබත් එක්ක. අස්වැසුම දෙමු දෙගුණ කරලා, ගේමු පෙට්‍රල් රුපියල් 200යට, අඩු කරමු විදුලි බිල 40%කින් කිව්වා වගේ, පුළුවන්නම් බිත්තරත් අඩු කරමු ඒ නිසා අපි අනුර ජනාධිපතිට කියන්න ඕනේ අපිත් එක්ක සාමදානයෙන් වැඩකරන්න. අපිට උදව්කරන්න එඩිතර විපක්ෂය හරහා මේ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්නට සැප සතුට දෙන්න. 



අවුරුදු 05ක් බලාගෙන ඉන්න නෙමෙයි අපි එන්නේ. දුන්න ගමන්න ගන්න එන්නේ. එඩිතර විපක්ෂය කියන්නේ හැමදාම විපක්ෂයේ ඉන්න එන විපක්ෂයක් නෙමෙයි. එඩිතර විපක්ෂය කියන්නේ ජනාධිපතිකම දුන්නාම අනේ බෑ කියලා යාල කැලේ අලි බලන්න යන අය නෙමෙයි. මේ එඩිතර විපක්ෂය දෙනකම් බලාගෙන ඉන්නේ දුන්න ගමන් ගන්නවා. 


අපි කකුලෙන් අදින්නේ නැහැ. අපි මේක කරගෙන යන්න දෙනවා. හැබැයි එඩිතර විපක්ෂයට ඕනේ විදිහට එහෙම නැතුව බෑනේ. මොකද බහුතර ජනතාව නියෝජනය කරන්නේ විපක්ෂය නම් ඔහු සවන්දෙන්න ඕනේ විපක්ෂයට.''

 

d add 1

නවතම ලිපි