SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සහල් මාෆියාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයටම බිත්තරයට, කිරි ටිකට, අල ගෙඩියට, ළූණු ගෙඩියට, මිරිස් කරලට ඇතිව තිබෙන අර්බූධයටත්

රජය උපරිමයෙන් මැදිහත් වෙමින් සිටින බව ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නාමල් කරුණාරත්න කුරුණෑගල ජන රැළියක් අමතමින් පවසයි.

 

 

“ගිය යල කන්නයේ ආණ්ඩුව වී මිලදී ගත්තෙ නෑ. රුපියල් 50ක් මුං කොමිස් ගැහුවා, අපි පැහැදිලිවම කියනවා. අපෙ ජනාධිපතිවරයා වැඩ භාරගන්නකොට රජය සතුව වී සංචිත නෑ. අපට අවුරුද්දකටම අවශ්‍ය වෙන්නෙ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 24 යි. ඒ ප්‍රමාණය ඉක්මවා අපේ රටේ හාල් නිෂ්පාදනය කරනවා.

 

එහෙම නම් මෙන්න මේකත් එක්ක දැන් රටේ ගැටලුවක් මතුවෙලා තියෙනවා. මේ ගැටලුව බේරන්න අපි උපරිම මැදිහත් වෙමින් ඉන්නවා.

 

මේ දේම තමයි තමයි අපි බිත්තරයට, කිරි ටිකට, අල ගෙඩියට, ළූණු ගෙඩියට, මිරිස් කරලට මේ හැමදේටම අපි කරන්නෙ.

 

 

අපි මෙතෙක් වල් කෙටුවා, ගිනි තිබ්බා, නියර රැස්සා … එච්චරයි. තව බිං හී ගහලාවත් නෑ.

මුං අපි ළඟට ඇවිල්ලා අහනවා කෝ ගොයම් කැපුවාද කියලා.

 

 

මුං අපෙන් අහනවා කෝ කෙටි නාට්‍යවත් නෑ නේද ? කෝ නඩුව කවුද ? උඹලා කිව්වෙ කොහොමද ? කෝ ? කියලා.

 

 

අඩේ එහෙම කරන්නෙ කොහොමද ? මල් වට්ටි වෙන්දේසිය යද්දී කෙටි නාට්‍ය පෙන්වන්න බෑ”

 

 

නවතම ලිපි