ඡන්දයෙන් පසුව එන පළමුවෙනි ඡන්ද ප්‍රතිඵලය ගෑස් මිල ඉහල නැංවීම බව
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ගාල්ලේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කරයි.
“තව අවුරුදු දෙක තුනකින් පස්සේ ඕනම කෙනෙකුට රට කරන්න පුළුවන් තත්ත්වයකට රටේ ආර්ථිකය හදලා දෙන්න තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්සහ කළේ.
ඒවගේ වෙලාවක බලයට කෑදර කමින්, වෛරය වපුරලා, බොරු කියලා බලය ගත්ත අනුර කුමාරගෙ කෙබර කණ්ඩායම රටේ මිනිස්සුන්ට කහ ගැස් නැති කළා.
පසුගිය සතියේ නිල් ගෑස් එකේ මිල රුපියල් 650 කින් වැඩිකරන්න නියම වෙලා තිබුනා.
ඒක කරන්න දුන්නෙ නෑ. ඡන්දය නිසා.
තව මසයක් ගියාම, ඒ කියන්නේ ඡන්දය ඉවර උනාම නිල් ගෑස් එක ලොවෙත් නැති ගානට රුපියල් 1200 කින් වැඩි වෙනවා කියලා මතක තියාගන්න. ඒක තමයි පලවෙනි ඡන්ද ප්‍රතිඵලය”.