ඇමරිකානු ජනාධිපති මැතිවරණයෙන් තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්
ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සූසී වයිල්ස් නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ට්‍රම්ප්ගේ ප්රචාරක කළමනාකරු තනතුරට පත් වූ පළමු කාන්තාවද ඇය වේ.
වයිල්ස් ඇමරිකානු ඉතිහාසයේ විශිෂ්ටතම දේශපාලන ජයග්‍රහණයක් ලබා ගැනීමට තමාට උපකාර කළ බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම තීරණය බලාත්මක වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන ජනවාරි 20වන දින ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව බවය.