නොවැම්බර් 14 දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම් වීමේ අරමුණින්
සියලුම පාසල් නොවැම්බර් 13 වැනිදා සිට වසා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මැතිවරණයෙන් පසු නොවැම්බර් 18 වැනිදා පාසල් යළි විවෘත කිරීමට බලාපොරොත්තු වේ.
මෙම තීරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිෂන් සභාව, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් ඇතුළු අදාළ පාර්ශ්ව වෙත දැනුම් දීම් සිදු කර ඇත.
ඒ අනුව නොවැම්බර් 12 වැනිදා පන්ති අවසන් වූ පසු එකී පාසල් ඒ ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට නියමිතය.
මේ පිළිබඳව පාසල්වල ඩෙස් පුටු, ශාලා මැතිවරණ කටයුතු සඳහා ලබාදීම සම්බන්ධයෙන් සියලුම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.තිලකා ජයසුන්දර ඉල්ලා සිටියාය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලීමකට අනුව ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් නියමිත කාලසීමාවන් සඳහා පමණක් වසා තබන බව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.