SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් ගාල්ලේ (07) සංවිධනය කර තිබූ නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ 

රැළියකට එක්වෙමින් මනූෂ නානායක්කාර  හිටපු අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා වෙත පිළිතුරු දීම සඳහා අභියෝග දෙකක් ඉදිරිපත් කර ඇත.

 

 

එම රැළියේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

 

 

''පඩි වැඩි කරනන, බදු අඩු කරන්න අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල වැට් එක කපන්න ආපු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දැන් හැමදේටම බදු ගහන්න පටන් අරගෙන. රනිල්ගේ බදු නරකයි කියපු එයා දැන් දිගට හරහාට අනුර බදු ගහන්නවා. ඊයේ පෙරෙදා හාල්මැස්සන්ට ගහුවේ අනුර බදු. සීනි වලට දැන් ගහන්නේ අනුර බදු . උම්බලකඩ වලට ගැහුවෙ අනුර බදු, පරිප්පු වලට අලවලට හැම දේකටන බදු ගැහුවා. දැන් කියනවා වැට් එක අඩු කරන්නෙ ඡන්දයෙන් පස්සේ. පඩි වැඩි කිරීම අයවැයෙන් පස්සේ කියනවා.

 

 

අද ජනාධිපති පුටුවට රනිල් පත් වුනනම් අද වෙනකොට රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන්න, වැට් අඩු කරන්න, උපයන විට ගෙවීමේ බද්ද අඩු කරන එක අයවැය යෝජනාවලට ගිහිල්ලා ජනවාරියේ ජනතාවට සහන ලැබෙනවා. අන්න ඒ අවස්ථාව තමයි 42% සුළුතර ප්‍රජාව එකතුවෙලා නැතිකර ගත්තේ. විශ්‍රාම වැටුපද තව ගොඩාක් දෙවල් ඒ වගේ නැතිකර ගත්තා.

 

 

හැබැයි මිනිස්සු හිතුවා දුක් විඳින පෝය ඉවර සැප්තැම්බර් මාසයෙන්. ඊට පස්සේ එන්නේ සැප විඳින ඔක්තෝබර් පෝය කියලා . ඔන්න සැප විඳින පළවෙනි පෝය පහු වුනා. මිනිස්සු බලාන හිටියා එක මාසෙ පඩියෙන් අයි ෆෝන් එකක් ගන්න, මාසේ පඩියෙන් කාර් එකක් ගන්න. පෙට්‍රල් 150 ට ගහන්න. බිත්තරේ 18 ට කන්න. උගන්ඩාවේ තියන සල්ලි ගෙනල්ලා සැප විඳින්න. ඒත් කණගාටුයි. අද මාළිමාවට ඡන්දය දීපු ජනතව වික්ශිප්ත වෙලා. උගන්ඩාවේ සල්ලි ගේනවා කීවේ කොට්ටච්චි නෝනා. දන් එයා කියනවා මම එහෙම කීවේ බොරුවට කියලා. ඒ මදිවාට ටිල්වින් සිල්වා කියනවා උගන්ඩාවේ සල්ලි ගේනවා කීවේ නෑ කියලා.

 

අපි ටිල්වින්ට අභියෝ දෙකක් කරනවා.

 

1. මෙච්චරක් කල් කීවානේ පිටරට සල්ලි හංගලා තියනවා කියලා. එහෙනම් කියන්න එළියට ඇවිල්ලා කොහේද ඒ සල්ලි හංගලා තියෙන්නේ? කියලා. 

2. අනිත් අභියෝගය අර කළුතරින් ඡන්දේ ඉල්ලන කොට්ටච්චි නෝනා මාළිමාවේ නොවේද? 

 

 

නවතම ලිපි