සැලසිනේ ආයතනයේ නව සභාපතිවරයා ලෙස වෙළඳ වැඩසටහන් නිර්මාණකරණයේ සහ
දැන්වීම් ක්ෂේත්රයේ ප්රවීනයකු වන සමන් රෝහිත සිල්වා පත්කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත අමාත්‍ය විජිත හේරත් විසින් අදාළ පත්විම සිදුකර ඇත.
රාජ්‍ය අනුග්‍රහය යටතේ සැලසිනේ ආයතනය 1982 වසරේ ආරම්භ කර තිබුණේ එවක අමාත්‍යවරයකු වූ ගාමිණී දිසානායක ගේ මගපෙන්වීම යටතේ සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේයි.
එකල සැලසිනේ ආයතනයේ මූලිකම අරමුණ වූයේ මහවැලි ව්‍යාපාරයේ මාධ්‍ය ඒකකය වශයෙන් කටයුතු කිරීමයි. පසුකාලීනව විවිධ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මකව වර්තමානයේ ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකය.
කෙසේ වුවද රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වීම නිසා පාඩු ලබන ආයතනයක් ලෙසත්, මෙය භාණ්ඩාගාරයෙන් මුදල් ලබන ආයතනයක් නොවූවද සේවකයින්ගේ වැටුප් ගෙවීම් කටයුතු වලදී මහා භාණ්ඩාගාරය හරහා අරමුදල් ලබාගැනීමටත් පසුකාලීනව සිදුව තිබුණි.
ඒ නිසාම මේ වන විට සැලසිනේ ආයතනය සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු, ව්‍යාපාරික මණ්ඩල වැනි සියලු අංශවල ප්‍රචාරණ කටයුතු මූලික වශයෙන් මෙම ආයතනය හරහා සිදු කරගත යුතු බව පාර්ලිමේන්තු නිවේදනයකින් අදාළ රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු හා සංස්ථා දැනුවත් කර ඇත.
එමෙන්ම රාජ්‍ය අංශයටම පමණක් සීමා නොවී පෞද්ගලික අංශය සමඟත් වරින්වර ඔවුන් ප්‍රචාරණ කටයුතු සිදුකරනු ලබන අතර රූපවාහිනි වැඩසටහන්, වෙළෙඳ දැන්වීම් ආදිය ද එමගින් සිදුකරනු ලබයි.
තිස් වසරක් පුරා විවිධ සභාපතිවරුන් යටතේ පැමිණ තිබෙන සැලසිනේ ආයතනය මුදල් උපයා ගත යුතු ව ඇති බැවින් ලාභ උපයාගෙන කටයුතු කරන්නට ඔවුනට සිදු වේ.
මේ නිසාම නව රජය විසින් පත්කළ දැන්වීම් ක්ෂේත්රයේ පළපුරුදු ප්රවීනයකු වන සමන් රෝහිත සිල්වා ගේ සභාපතිත්වය මෙහිදී වැදගත් වනු ඇත.
මෙනිසා සැලසිනේ ආයතනය රටට බරක් නොවන ආයතනයක් ලෙස රැකගන්නවාද? රටට බරක් වන්නේ නම් එවන් ආයතන ඉවත්කර වෙනත් ඵලදායී සේවයකට යොදාගන්නවාද යන අභියෝගය නව සභාපතිවරයාට මෙන්ම අදාළ අමාත්‍යවරයාටද බාර ගැනීමට සිදුවනු ඇත.
අපගේ සුභ පැතුම්!