milinda

milinda

 
 

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදුලිබල පනත අනිවාර්යයෙන් ම සංශෝධනය වන බවත් රජයට අයත්

බලාගාර සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොවන බවත් ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර ඇත.

 

 

වත්මන් ජනාධිපතිවරයා ලැබූ සමාජ පරිවර්තනීය ජන වරමට අනුරූප වන පරිදි බලශක්ති ක්‍ෂේත්‍රයේ නිසි ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමට නැවතත් අනගි අවස්ථාවක් උදාවී ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.

 

ලංවිම තුළ එසේ සිදු විය යුතුව තිබූ වෙනස්කම් දශක ගණනක් පුරාවට ආයතනය තුළින් ම සිදු නොවීමේ ප්‍රතිඵලය වූයේ පසුගිය වසරේදී බාහිර යාන්ත්‍රණයන් විසින් යෝජනා කරනු ලැබූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් තුළට අනුගත වීමට සිදුවීම බව ද ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

 

විදුලිබල ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලංවිම සමස්ත සේවක මණ්ඩලය ආවරණය වන පරිදි මාර්ගගත ක්‍රම ඔස්සේ පවත්වා ඇති අතර එහිදී ද සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීමටත්, පාරිභෝගික තෘප්තිමත්භාවය ඉහළ අගයක පවත්වා ගෙන යෑමටත්, ආයතනයට සාධාරණ ලාභයක් ලැබීමටත් ඉන් සමාජ ආර්ථිකයට ඉහළ ප්‍රතිලාභයක් ලැබීමටත්, සේවකයන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමටත් ඕනෑ ම ආයතනයක් විසින් කාලීන ඇගයීම් සිදුකරමින් නිසි ආයතනික ප්‍රතිසංස්කරණයන් සිදු කිරීම අනිවාර්ය බව ද සාකච්ඡා කොට ඇත.

 

සම්පූර්ණයෙන් රජයට අයත් ස්වාධීන පද්ධති ක්‍රියාකාරිත්වයක් සහිත ශක්තිමත් තනි ගැනුම්කරු මාදිලියක් තුළ ජනන, සම්ප්‍රේෂණ, බෙදා හැරීම් අංශ මූල්‍ය හා කාර්ය පරිපාලන වශයෙන් ස්වාධීන වන යාන්ත්‍රණයක් පුළුල් මහජන හා පාර්ශ්වකරුවන්ගේ උපදේශනයක් තුළ ස්ථාපිත කරමින් ඉදිරි වසර පහ තුළ මේ කලාපයේ අඩු ම විදුලි පිරිවැය ඇති රට බවට ශ්‍රී ලංකාව පත්කරමින් මහජන හිතැති, පිරිසුදු, සුරක්ෂිත විදුලිබල ක්‍ෂේත්‍රයක් ඇති කිරීමට සැමට එක්වන ලෙසත් අධ්‍යක්ෂ මණ්ඩලය මෙහිදී සිය සේවකයන්ට ආරාධනා කොට ඇත.

 

ඒ සඳහා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා සියලු ම සේවකයන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමට සියලු සේවක ස්ථර නියෝජනය කරමින් සැදුම්ලත් කමිටුවක් ස්ථාපිත කිරීමට ද මෙහිදී යෝජනා වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉන්ජිනේරු ඒ.ඩී.කේ. පරාක්‍රමසිංහ මෙම නිවේදනය ඔස්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

@Mawbima news

marrikkar

marrikkar

marrikkar

marrikkar

marrikkar

නවතම ලිපි