අද(04) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සතු Whatsapp ගිණුම
යම් පාර්ශවයක් මගින් හැක් Hack කර ඇතැයි ඔහුගේ මාධ්‍ය ඒකකය පණිවුඩයක් නිකුත් කරමින් දන්වයි.
ලංකා බැංකුවේ කොල්ලුපිටියෙ ශාඛාවට අයත් 89928403 ගිණුම් අංකය සහිත S.K.Saman Kumara
යන අයගේ ගිණුමට සහ මහජන බැංකුවේ ඉංගිරිය ශාඛාවට අයත් ගිණුම් අංක 266200330038762 සහිත Uresh Kumara යන අයගේ ගිණුම් අංක වලට මුදල් බැර කරන ලෙස දන්වා අදාළ වට්ස්ඇප් ගිණුම වෙතින් පණිවුඩ යවා ඇත.
මේ පිළිබඳව මේ වනවිට පොලිස් පැමිණිලි සිදුකර ඇති අතර පරීක්ෂන කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
අදාළ පරීක්ෂන කටයුතු ඉටුවනතුරු දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ඒකකය දැනුම් දී සිටින්නේ ඔහුගේ Whatsapp අංකය වෙතින් අරමුදල් හෝ පරිත්‍යාග ඉල්ලා කිසියම් පණිවිඩයක් ලැබෙන්නේ නම්, එම පණිවිඩ ඔහු විසින් යොමු නොකළ බව කරුණාවෙන් සලකන ලෙසයි.