SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනතාවට අපහසුතාවකට පත්වන ආකාරයෙන්, දේශපාලන උවමනා මත සිදු කරන

වෘත්තිය ක්‍රියාමාර්ගවලට ඉඩ නොතබන බව ඇමති විජිත හේරත් කියයි.

 

 

දුම්රිය ස්ථානාධිපතිවරුන් සිදුකිරීමට සැලසුම් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව අදහස් පළ කරමින් හෙතෙම මේ බව පැවසීය.

 

දුම්රිය ස්ථානාධිපතිවරුන් යළිත් වැඩ වර්ජන පටන් ගන්නේ යැයි ලිපි එවා ඇති බවත් දේශපාලන උවමනාවන් මත ක්‍රියාත්මක වීමට උත්සාහ කරන බව පැහැදිලි බවත් ජනතාව පීඩාවට පත්කිරීමට ඉඩදිය නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

 

වසර ගණනක් පැවැති උසස්වීම් හා බඳවා ගැනීම් පිළිබඳව දුම්රිය සේවක ප්‍රශ්නවලට දින දෙකෙන් විසඳුම් ලබාදිය නොහැකි බව කියන ඇමතිවරයා ජනතාව ජන වරම ලබා දුන්නේ ඔවුන් පීඩනයෙන් මුදා ගැනීමට බවත් පටු දේශපාලන වාසි වෙනුවෙන් වැඩ කිරීමට නොවන බවත් කීය.

 

ඉදිරි මැතිවරණයෙන් පසුව දුම්රිය සේවක  ගැටළුවට විසඳුම ලබා දෙන පවසන අමාත්‍යවරයා  ඒ අනුව වෘත්තීය ගැටලු සඳහා විසඳුම් ලබාදීමට සාධාරණ කාලයක් අවශ්‍ය බවද කියා සිටියි.

 

 

නවතම ලිපි