- මේ ආණ්ඩුව මාධ්‍යට, පොලිසියට තර්ජනය කරන්නත් පටන් අරන්.
- රනිල් කරපු දේවල් මේ අයට කරන්න බෑ. දොස්තර වෙන්න කොන්දොස්තරට බෑ.
- මාළිමාවේ වෙස් මුණ ගැලවෙන්න පටන් අරගෙන
වත්මන් ආණ්ඩුවේ ක්රියාකළාපය දකිනාවිට ත්‍රී ඉඩියට් චිත්‍රපටය සිහිවෙන බවත්, ඡන්දයෙන් පසු ඉඩියට්ලා වැඩිවිය හැකි බවත් හිටපු අමාත්‍ය මනුෂ නානායකකර පවසයි. ජාතික ජනබලවේගයට ආණ්ඩුවක් කිරීමට තරම් අත්දැකිම් නැති බවත්, රනිල් වික්‍රමසිංහ කළ දේම කරන්නට ආණ්ඩුව උත්සහගත්තද දොස්තර කළ දේ කොන්දොස්තරට කළ නොහැකි නිසා මේවන විටත් රට අවුල් කර ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය. ගාල්ලේ ද පැවති ජනහමුවකින් පසු මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව පැවසීය . වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසිය.
''ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආපු වෙලාවේත් මේ වගේ දේවල් උනා. රෙස්පෙක්ට් සර් කීවා. තාප්ප වල චිත්‍ර ඇන්දා , පුරන් කුඹුරු අස්වැද්දුවා. කාලයක් යනකං උද්යෝගය තිබුනා. පස්සේ වියත්මග වගේ කණ්ඩායම් ඇවිල්ලා ඒ ජයග්‍රහණය ආපස්සට අදින්න කටයුතු කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමගෙන් උපදදෙස් ගත්තා නම් එහෙම වෙන්නේ නෑ. එත් කාලයක් ගියා ජනතාවට ඒ ආණ්ඩුව එපා වෙන්න. කොරෝන අර්බුදය ආර්ථිකය මැද්දේ තමයි ජනතාවට ඒක එපාවුනේ.
ඒත් ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි 42% ක් ඡන්ද අරගෙන සුළුතර ජනාධිපතිවරයෙක් බිහිවුනේ. ඒ විතරක් නොවේ කියන්න තියන තරම් බොරු කිව්වා. වෛරය පැතිරෙව්වා . උගන්ඩාවට සල්ලි ගෙනිච්චා කියලා කීවා. පෙට්‍රල් ලීටරයකින් රුපියල් 200 ක් ඇමති ගන්නවා කීවා. බිත්තරෙනුත් ගසා කනවා කීවා.
කඩි මුඩියේ ඡන්දය තිබ්බේ දාගත්ත වෙස්මූණ ගැලවෙයි කියලා. නියමිත දින ගන නෑ. ඒ කාරණය දන් අධිකරණය හමුවේ. හෙට අනිද්දා තීන්දුවක් ලැබෙයි ඒ ගැන. ඇයි මේ කළබලේ. කීව බොරු අහුවෙන්න කළින් ඡන්දය තිබ්බා . සති හතර යනකොට සල්ලි අච්චු ගහන්නෙ නෑ කීව අය සල්ලි අච්චු ගැහුවා. හෙට අනිද්දා අනුර දිසනායක අත්සන් කළ නෝට්ටු එනවා කියලා ඒ අයම කියනවා.
හරිනී කියනව ආරක්ෂාව නැතිව යන්න බෑ කියලා දැන් තමයි තේරුනේ කියලා. ඇයගේ පී.එච්.ඩී එක සමාජ විද්යවටද කොහෙද. මේක නෝර්වෙ නොවේ, ස්වීඩනය නොවේ ආරක්ෂාව නැතිව යන්න බෑ කියලා කියල ඇයට කියලා තියෙන්නේ ඇගේ ආරක්ෂක නිළධාරියා. ලංකාව කියන්නේ නෝර්වේ නොවෙ ස්වීඩනය නොවේ කියලා දැන්ද අදුනාගත්තේ අගමැතිනියනි කියලා අහන්න වෙනවා.
දන් පරණ කථා නෑ. වාහන දාගෙන යනවා උත්සවය ලඟට. හැබැයි උත්වසයට යන්නේ කැබ් එකේ . ආරක්ෂාව ගන්නේ නෑ කියනවා, අරක්ෂකයෝ පිරිවරාගෙන ඉන්නවා. අද මේ අය පන්සලකට ගියොත් එතනට මාධ්‍යට එන්න දෙන්නේ නෑ . දැන්මම ඉඳන්ම මර්ධණය පටන් ආරගෙන. අඩුම ගානේ රනිල් වික්‍රමසිංහ අච්චු ගහපු පාස්පෝට් ටිකවත් බෙදාගන්නට බෑ. ඔන්න ඇත්ත තත්ත්වය.
ගාල්ලේ හේවගේ මහත්තයා ඊයේ පෙරේදා කියලා තියනවා . විට්ස් කාර් ලක්ෂ දොළහකට දෙන්නවා කියලා . අවුරුදු දහයක් යනකොට හැම ගෙදරකටම විට්ස් කාර් එකක් දෙනවා කියලා. මම කියන්නේ විහිළු සැපයීමේ සීමාවක් තියෙන්න ඕන නේ . විට්ස් කාර් ටොයෝටා කම්පැණි එකේ හදන්නේ නෑ. දැන් ඒ බ්‍රෑන්ඩ් එක වහලා දාපු බ්‍රෑන්ඩ් එකක් කාර්මික දෝෂයක් නිසා . ඒ මොඩ්ල් එක වෙනුවට වෙන මොඩ්ල් එකක් හදන්නේ.
(පසුගිය සෙනසුරාදා ත්‍රී ඉඩියට් ෆිල්ම් එක නරඹන හිටපු ජනාධිපතිවරයා..)
එහෙම කියන්නේ නොදන්නා කමට වෙන්න පුළුවන් . ඒත් මේ වගෙ කට්ටිය පාර්ලිමේන්තුවේ හිටියොත් මොකද වෙන්නේ. මේ වෙන දේවල් දැක්කාම අපිට ත්‍රී ඉඩියට් ෆිල්ම් එක මතක් වෙනවා. දැනුත් ඉන්නවා ත්‍රී ඉඩියට් ලා. මම නම් කියන්නෙ නෑ. ඔබට හිතාගන්න පුළුවන්නේ. හැබැයි පාර්ලිමේන්තුවට තව ටික දවසක් යනකොට මේ හේවගේ මහත්තයාල, අර රටට සල්ලි එවන්න එපා, ආර්ථිකය මහ කජ්ජක්ද කියලා කීවා සුනිල් හඳුන්නෙත්ති මහත්තයල, උමා ඔයේ හිලක් කියපු සමන්ත විද්‍යාරත්නලා, බිත්තරෙම් කොමිස් ගන්නවා කියපු වසන්ත සමරසිංහලා, නයිටි ගැන හැට ගැන කියාපු ලාල් කාන්තලා පාර්ලිමේන්තුවට ආවම මේකට ත්‍රී ඉඩියට් කියලා නතර කරන්න වෙන්නේ නෑ. තව ඉදිරියට යයි මම හිතන්නේ.
ජනතාව දැන් තේරුම් අරගෙන තියනවා අපිට වැරදුනා කියලා. ඒකේ ප්‍රතිඵල පේන්න පටන් අරන් තියනව තැපැල් ඡන්දයේදී . ඡන්දය ප්‍රකාද කිරීමේ උනන්දුව අඩුවෙන්න ඒක හේතුවක්. ජනධිපතිවරණය කාලයෙදී ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල දාපු අය දැන් අපිට එකතු වෙලා තියෙනවා. මාළිමාවට වැඩ කරපු අය අපේ රැස්වීමට එන්න පටන් අරගෙන තියෙනවා. ඉතාමත්ම ඉක්මණින් මේ වෙනස පටන් අරන් තියනවා.
මේ අයට ආණ්ඩුවක් කරන්න අත්දැකීම නෑ. ඒ විතරක් නෙවෙයි ඒ පාවිච්චි කරන්න යන ක්රමවේදයත් වැරදියි. ජනාධිපතිතුමා කරපු විදිහටම කරගෙන යන්න තමයි දැන් බලාගෙන ඉන්නේ. ඒත් ඒ වැඩේ කරන්න දන්නේ නෑ . දොස්තර කරපු වැඩේ කරන්න කොන්දොස්තරට බෑනේ.
එතකොට දැන් ලාල් කාන්ත පොලිසියටත් තර්ජනය කරනවා. සමහර වෙලාවට මාධ්‍යටත් තර්ජනය කරනවා . සාධාරණ ඒවගේම සාමකාමීව කියල කිව්වට දැන් පොඩ්ඩ පොඩ්ඩ තර්ජන පටන් අරගෙන තියෙනවා, පොඩ්ඩ පොඩ්ඩ මාලිමාව කියන වෙස් මූණ ගැලවිල ජේ.වී.පි එක මතුවෙන්න පටහ් අරන් තියනවා.
ඒත් රටේ මිනිස්සු ආයෙත් පාරට දාන්න බෑ. ජීවිත නැති කරන්න දෙන්න බෑ . මිනිස්සු පෝළිම් වලට යවන්න බෑ . මේ ව්‍යාපාර සියල්ල කඩාගෙන වැටිලා සංචාරකයෝ නැති කරන්න බෑ. ඩොලර් එන ක්‍රම නතර කරලා ආයිත් රට වැටෙන්න දෙන්න බෑ.
ඒකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එකතුවෙල හයිය දෙන්න, ශක්තිය සහයෝගය ලබාදෙන්නෙ අපි වැඩ කරනවා.
නමුත් ජ.වි.පෙ තිබුන බලාපොරොත්තු, ප්‍රතිපත්ති දැන් කෝ. වමවාදී අදහස් කෝ. ස්ටාලින්ලා ලෙනින්ල දන්නවානම් ජ.වි.පෙ රතු පාටට මුවා වෙලා මේ අය කරන දේවල් . මේ අය මාක්, ලෙනින්, එංගල්ස් මේ කිසිකෙනෙකුගේ දර්ශණායක් දන්නේ නෑ. පොදු ජන පෙරමුණේ හිටපු කණ්ඩායම් ජේ.වී.පී වෙලා තමයි මේ අවුල හදන්නේ. මෙනවා උනත් අපි රටට වැටෙන්න දෙන්නෙ නෑ. අපි රට වෙනුවෙන් ඉදිරිපත් වෙනවා.