මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් කිරීමට සහය ලබා ගැනීම සඳහා
ලංකා රජය ජපාන තානාපතිවරයා සමඟ සාකච්ඡා කළ අතර එහි ඉදිකිරීම් අවසන් කිරීමට රජය පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
මහනුවර ප්‍රදේශයේ පැවති මැතිවරණ රැළියකට එක්වෙමින් ඔහු කියා සිටියේ මහනුවර නගරයේ පවතින රථවාහන තදබදයට විසඳුම් සෙවීමට රජය පියවර ගන්නා බවයි.
මහනුවර ප්‍රදේශයේ ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් පසුගියදා පැවති අතර මේ වන විට නතර වී ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය පියවර ගන්නා බවද ඔහු පැවසීය.
"ගුඩ් ෂෙඩ් බස් නැවතුම්පළ ඉදිකිරීම වැනි බොහෝ ව්‍යාපෘති නවතා තිබෙනවා. කටුගස්තොට, පේරාදෙණිය, තැන්නකුඹුර යන ප්‍රදේශවලත් බස් පර්යන්ත ඉදිකිරීමට සැලසුම් කර තිබුණා. ඒවාත් නවතා තිබෙනවා. අපි ඉක්මනින් මුදල් සොයාගෙන එම ඉදිකිරීම් නැවත ආරම්භ කරනවා,"